නුවණැති ළඳුන්ගේ විශ්වසනීය තේරීම - Marvel Lady

මාර්තු 08 වැනිදා එනම් අද දිනයේ තවත් එක් කාන්තා දිනයක් සමරමින් ලොව පුරා කාන්තාවන් ”අභිමානවත්” අන්දමින් දිරිගන්වන දිනයකි. ‘සුහුරු කතක් - සොඳුරු ලොවක්’ යන තේමාවෙන් සැමරෙන මෙවර කාන්තා දිනය රටේ සංවර්ධන ක‍්‍රියාවලියේදී හා හර පද්ධතීන් ඇතුළත් යහපත් සමාජයක් බිහි කිරීමේදී කාන්තාව දක්වන දායකත්වය අගයනු ලබයි. ශ‍්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදන වෙළඳ නාමයන් අතර වේගවත් වර්ධනයක් සහ ඉහළ පාරිභෝගික ඉල්ලූමක් පවතින Marvel Marketing (Pvt) Ltd ඵවන් අගනා මෙහෙවරක් රටට සහ සමාජයට සිදුකරන කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී සනීපාරක්ෂක නිෂ්පාදන මෙරටට ආනයනය කර බෙදා හරිනු ලබන ආයතනයකි. ඉන් නොනැවතී Marvel Marketing (Pvt) Ltd ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා ද සනීපාරක්ෂක නිෂ්පාදන හඳුන්වා දුනි. Marvel Marketing (Pvt) Ltd හි සීදුව ප‍්‍රදේශයේ පිහිට වූ ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක නිෂ්පාදන කර්මාන්තශාලාව කාන්තාවන් සඳහා හඳුන්වාදෙන Lady Wet Tissues සහ ළදරුවන් සඳහා හඳුන්වාදෙන Baby Wet Wipes සහ Baby Diapers මෙරට නිෂ්පාදනය කර බෙදාහරියි.


Marvel Marketing (Pvt) Ltd කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන සනීපාරක්ෂක නිෂ්පාදන අතරින් Marvel Sanitary Napkins සුවිශේෂී වන්නේ දවස පුරා ඔබට වඩාත් සුවපහසුවක් ලබාදෙන උපරිම උරාගැනීමක් සහිත වන බැවිනි. සිහින් හැඩය සමග කුඩා ඇසුරුමක එන Marvel Sanitary Napkins ඔබේ අත්බෑගයේ වුවද රැගෙන යාමට පහසු වේ. මාසික ආර්තවයේ පළමු හා අවසන් දින සඳහාම සුදුසු Marvel Panty Liner කාන්තා ඔබේ කාර්යබහුල ජීවන රටාව බාධාවකින් තොරව නැවුම්ව ගත කරන්නට සහය වේ. Marvel Panty Liner වල ඇති Side Protection නිසා කාන්දුවීම්වලින් තොර අමතර ආරක්ෂාවක් ලැබෙනවා මෙන්ම මිහිරි සුවදක් සමගින් සමට මෘදු පහසක්ද ලබා දෙයි.
ක‍්‍රියාශීලී කාන්තා ඔබ සදහා මාසයේ සෑම දිනකම සුපුරුදු සුවපහසුවෙන් ගත කරන්නට හේතුවන Marvel Tampons කාන්දුවීම්වලින් උපරිම ආරක්ෂාවක් ලබාදෙන පහසුවෙන් පැලඳිය හැකි නිෂ්පාදනයකි.

කාර්යබහුල දිවියක් ගෙවන කාන්තා ඔබ සඳහා Marvel Marketing (Pvt) Ltd හඳුන්වාදෙන Marvel Lady Wet Tissues මේකප් ඉවත් කිරීමටද උචිතය. කුණු, දුහුවිලි වලට නිරාවරණය වන සෑම අවස්ථාවකදීම මුහුණ, අත් පා සදහා භාවිත කළ හැකි Marvel Lady Wet Tissue ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කර බෙදා හරිනු ලබයි. කාන්තාවන් අතර වැඩි ඉල්ලූමක් පවතින මෙම Marvel Lady Wet Tissue ඉදිරියේදී කාන්තා ඔබේ අත් බෑගයේ ගෙන යා හැකි අයුරින් කුඩා ප‍්‍රමාණවලින් සහ සුවඳ වර්ග කිහිපයකින් වෙළඳපලට නිකුත් කිරීමට නියමිතයි.

උපරිම සුවපහසුවක් ඔබේ සිගිත්තාට ගෙන එන මෙරට මව්වරුන්ගේ විශ්වාසය රැගත් Marvel නිෂ්පාදන රැසක්ද Marvel Marketing (Pvt) Ltd මෙරටට ආනයනය කරයි. ඒ අතර Baby Wet Wipes, Baby Diapers, Diaper Pants, Baby Blankets, Cot Sheets, Nappies වේ. එමෙන්ම වැඩිහිටියන් සඳහා Marvel Guard Adult Diapers නිෂ්පාදන එකතුවට අඩංගු වේ. ගෘහ අභ්‍යන්තරයේ උපාංග සඳහා භාවිත කළ හැකි විෂබීජවලින් උපරිම ආරක්ෂාවක් ගෙනෙන Marvel Disinfecting Wet Wipes වෙළඳපළ සඳහා හඳුන්වා දුන් තවත් නිෂ්පාදනයකි.

දහඩිය දැමීම නිසා කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම නොයෙකුත් අපහසුතාවන්ට ලක් වේ. දහඩිය උඩු ඇඳුම තුළින් පිටතට දිස්වීම සහ දුර්ගන්ධය ඒ අතර ප‍්‍රධානයි. මේ ගැටලූ සදහා සාර්ථක පිළියමක් ලෙස Marvel Marketing (Pvt) Ltd හඳුන්වාදෙන නවතම නිෂ්පාදනය වන්නේ කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම උඩු ඇදුමට ඇලවිය හැකි පරිදි නිෂ්පාදනය කළ Marvel Underarm Sweat Pads ය.
මේ සියලූම නිෂ්පාදන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ඇත.

Marvel Marketing (Pvt) Ltd සිය ව්‍යාපාරික අරමුණු පසෙක ලා සමාජ සත්කාර ව්‍යාපෘතිවලද (CSR Projects) නියැළෙන ආයතනයකි. එය පසක් කරමින් ළමා රෝහල සදහා අවශ්‍ය ළදරු ඩයපර්ස් වසර 03ක් පුරා නොමිලේ බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මේවන විටත් එහි අදියර කිහිපයක් නිම කර ඇති අතර එහි පළමු බෙදාහැරීම ළමා රෝහල් පරිශ‍්‍රයේදී නිල වශයෙන් සිදු කෙරිණි.
දිවයින පුරා ඇති සියලූ ප‍්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් Marvel සනීපාරක්ෂක නිෂ්පාදන බෙදා හරින අතර සියලූම ෆාමසි සහ සුපිරි වෙළඳසැල්වලින් ඔබට මිලදී ගත හැකිය. ඊට අමතරව ඔබට www.marvel.lk වෙබ් පිටුවෙන් සහ Marvel Marketing (Pvt) Ltd ෆේස්බුක් පිටුවෙන් Online ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනිමේ පහසුකමද ලබා ගත හැක.        0765 313 116 අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් Marvel සනීපාරක්ෂක නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක.


Older Post Newer Post


Leave a comment

Please note, comments must be approved before they are published