Marvel Marketing ආයතනයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ළදරු ඩයපර්ස් පරිත්‍යාග කිරීමේ දෙවන අදියර

CSR Project of Marvel Marvel Marketing (Pvt)Ltd Marvel Press release

ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසට දේශීය වෙළඳපොලෙහි සනීපාරක්‍ෂක නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන Marvel Marketing (Pvt) Ltd ආයතනය තම නිෂ්පාදන කටයුතු කටුනායක, සීදුව ප්‍රදේශයේ Diaper World ආයතනයේ පවත්වාගෙන යන අතර ඔවුන් පසුගියදා සිය ව්‍යාපාරික අරමුණු පසෙක ලා සමාජ සත්කාර ව්‍යාපෘතියක් සඳහා දායකත්වය දැක්විය. ඒ අනුව 2018 වසරේ පටන් වසර 03ක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නොමිලේ පරිත්‍යාග කරන්නට ගිවිසුම් ගත වූ ඩයපර්ස් ව්‍යාපෘතිය, ඉල්ලුමට සරිලන ආකාරයෙන් තවතවත් ප්‍රමාණාත්මකව වැඩි කරන්නට Marvel Marketing ආයතනය තීරණය කර ඇත.
2018 වසරේ ජූලි මස පටන් ආරම්භ කළ මෙම සද්කාර්යයේදී ළමා රෝහලට මසක් සඳහා අවශ්‍ය ළඳරු සනීපාරක්ෂක තුවා 4000ක් පිරිනැමුණි. ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව එම ළඳරු සනීපාරක්ෂක තුවා ප්‍රමාණය 6000 දක්වා වර්ධනය කර බෙදාහැරීම පසුගිය 14 වැනි දින ළමා රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් සිදු කෙරිණි. එදින Marvel Marketing (Pvt) Ltd ආයතනයේ අධ්‍යක්ෂ වී. එන්. සිවෙන්ද්‍රන් මහතා විසින් එම ළදරු සනීපාරක්ෂක තුවා කට්ටල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා Marvel Marketing (Pvt) Ltd ආයතනයේ කළමනාකාර ගැමුණු අබේගුණවර්ධන මහතා, අලෙවි විධායක දිමුතු රංගන මහතා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘදරෝග විශේෂඳ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා, Marvel Marketing කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී විය.

දිවයිනේ ප්‍රධානතම සහ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල ළමුන් සඳහා විශේෂයෙන්ම ප්‍රතිකාර සිදු කරයි. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ සනීපාරක්ෂාව සඳහා දිනකට එක් දරුවෙක් සඳහා සනීපාරක්ෂක තුවා 4-10ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. රෝගී වූ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් 85%කට වැඩි පිරිසකට එය දැරීමට අපහසු වියදමක් වන බැවින් එම සනීපාරක්ෂක තුවා සැපයීමට රෝහලට සිදුව ඇත. මෙම එක් සනීපාරක්ෂක තුවායක් සඳහා රු. 50ක පමණ මුදලක් වැය වන අතර රජයට එසේ විශාල බරපැනක් දැරීමට ද නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මෙවැනි වාතාවරණයකදී අසරණ වන දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් Marvel Marketing (Pvt) Ltd ආයතනය රිජ්වේ ළමා රෝහලට ළදරු සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතිය අරඹන ලදී.

මෙම ළමා සනීපාරක්ෂක තුවා ප්‍රදානය පිළිබඳ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා අදහස් දක්වමින් “ළමා සනීපාරක්ෂක තුවා පිළිබඳ අවශ්‍යතාවය අපේ රෝහලට ඉතාමත් දැඩිව පවතිනවා. ඒ අවශ්‍යතාවය සපුරා දීමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක් ලෙසට Marvel Marketing ආයතනය නොපැකිලිව ඉදිරිපත් වීම අප අගයකොට සලකනවා. ඒ වගේම ඔවුන් ඒ ඩයපර්ස් බෙදාහැරීම, අවශ්‍යතාවය පරිදි නොකඩවා සිදු කිරීම සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී Marvel Marketing ආයතනයේ අධ්‍යක්ෂ වී. එන් සිවේන්ද්‍රන්, කළමණාකරු ගැමුණු අබේගුණවර්ධන, අලෙවි විධායක දිමුතු රංගන යන මහත්වරුන් ඇතු`ඵ සියලුම කාර්යය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා” පැවසීය.

ළමා රෝහලට අවශ්‍ය ඩයපර්ස් පරිත්‍යාග කිරීමට Marvel Marketing ආයතනය යොමු වූ පසුබිම පිළිබඳ ළමා හෘදරෝග විශේෂඳ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා අදහස් දක්වමින් “අපේ රෝහලේ හෘද රෝග සැත්කම් ඒකකය තුළ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දරුවෙක්ගේ මවකට දරුවා වෙනුවෙන් ඩයපර්ස් මිලදී ගත නොහැකිව අසල සිටි දරුවෙක්ගේ ඩයපර්ස් ලබා ගැනීම පිළිබඳ පුවතක් අපට වාර්තා වූවා. ඒ පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව අප තේරුම් ගත්තේ රෝහලේ ප්‍රතිකාර ලබන බොහෝ දරුවන්ගේ දෙමව්පියන්ට ආර්ථික අපහසුතා පවතින නිසා ඩයපර්ස් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට නොහැකි බවයි. රෝහලට පවතින මේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව Marvel Marketing ආයතනය වසර 03ක් සඳහා ඩයපර්ස් නොමිලේ ලබා දීමට අප සමඟ ගිවිසුම් ඇති කර ගත්තා. මේවන විට ඩයපර්ස් සඳහා රෝහලේ ප්‍රතිකාර ඒකක වලින් සහ දෙමව්පියන්ගෙන් පවතින ඉහළ ඉල්ලුම නිසා මසකට Marvel Marketing ආයතනය රෝහලට පිරිනමන ඩයපර්ස් ප්‍රමාණය 6000 දක්වා වැඩි කර තිබෙනවා” යනුවෙන් පැවසීය.

මෙම සමාජ සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් Marvel Marketing හි අධ්‍යක්ෂ වී. එන්. සිවේන්ද්‍රන් හා කළමනාකරු ගැමුණු අබේගුණවර්ධන යන මහත්වරුන් අදහස් දක්වමින් “ ශ්‍රී ලාංකීය නිෂ්පාදන ආයතනයක් ලෙස අප ආයතනය දේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ළමා හා කාන්තා සනීපාරක්ෂක නිපැයුම් වසර ගණනාවක සිට මෙරට වෙළඳපොලට ලබාදෙනවා. ව්‍යාපාරික කටයුතු අතර අප හට මෙවැනි මහඟු පුන්‍යකර්මන් සඳහා ද දායකත්වය ලබා දීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා, ළමා හෘදරෝග විශේෂඳ වෛද්‍ය ෂෙහාන් පෙරේරා මහතා, විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය නයනතාරා මහත්මිය ඇතු`ඵ රෝහල් කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිනවා. ඉදිරියේදීත් අප දරුවන් වෙනුවෙන් මෙවැනි කාර්යයන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා”

(වමේ සිට) Marvel Marketing හි අන්තර්ජාල වෙළඳ නියෝජිත ක්‍රිෂාන්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘදරෝග විශේෂඳ වෛද්‍ය ෂෙහාන් පෙරේරා, අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, Marvel Marketing හි අධ්‍යක්ෂ වී. එන්. සිවේන්ද්‍රන්, කළමනාකාර ගැමුණු අබේගුණවර්ධන සහ අලෙවි විධායක දිමුතු රංගන ඡායාරූපයේ වේ.

 

Written by:
හෂිනි ඉරේෂා ගුණවර්ධන.
Journalist
Wijeya Newspapers Ltd





Older Post Newer Post


Leave a comment

Please note, comments must be approved before they are published